ලංකාවට ඇමරිකාව කෝටි තුනක බල්ලන් පරිත්යාග කරයි

ආරක්‍ෂක අංශ සඳහා බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය නිරීක්ෂණ කටයුතු සඳහා යොදා ගන්නා විශේෂිත සුනඛයින් පිරිසක් ඇමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාව භාරදුන් බව හමුදාව පවසයි.
ඇමෙරිකානු තානාපතිනි පැට්‍රීසියා ඒග බුටෙනිස් මහත්මිය විසින් ඇඹිලිපිටියේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකා පුහුණු පාසල වෙත මෙම සුනඛයින් පිරිස භාරදී තිබේ.
මෙලෙස භාර දුන් සුනඛයින් 06දෙනා රුපියල් ලක්‍ෂ 300ක පමණ වටිනාකමකින් යුක්ත වන අතර එම සුනඛයින් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය සොයා ගන්නා අයුරු පෙරහුරුවක් මගින් ඉදිරිපත් කිරීමද ඔවුන් භාර දුන් අවස්ථාවේදී සිදු කර ඇතැයි සඳහන්ය.
0 comments:
Post a Comment