Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Wednesday, July 27, 2011

When ‘Salon’ Facials Gone Wrong



කාන්තාවනි, මුහුණු ලස්සන කර ගන්න යන්නේ බලාගෙන   

ප්‍රමිතියෙන් තොරව වෙළෙදපොලේ ඇති රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඒ ආශ්‍රිත උපකරණවලින් ප්‍රවේශම්වන ලෙසටත් ඒවා සම්බන්ධව කාන්තාවන් විශේෂ අවධානයකින් පසුවීම ඉතා වැදගත් බවත් විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්‍ෂවෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි.

රූපලාවන්‍යාගාරයකින්,රූපලාවන්‍ය කටයුත්තක් කිරීමෙන් පසු මුහුණ විකෘති වූ බව සඳහන් කරමින් කාන්තාවක් විසින් එම රූපලාවන්‍යාගාරයට එරෙහිව කර තිබූපැමිණිලක් සම්බන්ධයෙන් කිරුළපන පොලිසිය ඊයේ(26) කොළඔ අතිරේක මහේස්ත‍්‍රාත් මහී විජේවීර මහතා හමුවට කරුණු ඉදිරිපත් කළේය.


එම පැමිණිල්ල මගින් 2010 දෙසැම්බර් 24 වැනිදා කිරුළපනේ හයිලෙවල් පාරේ පිහිටි රූපලාවන්‍යාගාරයකින් තමාගේ මුහුණ ක්ලීනප් කිරීමෙන් අනතුරුව මුහුණ රතුවී වෙනස්වූ බවත් පසුව තුවාල ඇති වි විකෘති වූ බවත් පැමිණිලිකාරිය සඳහන් කර තිබේ.

වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා කියා සිටියේ රූපලාවන්‍යය කටයුතු සහ විලවුන් උපකරණ ප‍්‍රමිතිගත කිරීමට තවදුරටත් නීති දැඩි කිරීම සූදුසු බවයි.

එසේම ඔහු කියා සිටියේ පවතින නීතිය යටතේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කිරීමට පූර්ව අනුමැතියක් අවශ්‍ය බවත් එම පටිපාටියට බාහිරින් ක්‍රියාකරනු ලබන ආයතන හෝ පුද්ගලයින් වැටලීමට පියවර ගන්නා බවත්ය. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙලෙස වැටලීම් සඳහා එක් කරගැනීම වෙනුවෙන් වූ 500කගෙන් පමණ සමන්විත නිලධාරීන් කණ්ඩායමක් සිටිති.

පසුගිය කාලයේ දී දිවයිනේ බොහෝ ස්ථානයන්හි ප්‍රමිතියෙන් තොර නුපුහුණු පුද්ගලයින් සේවය කරනු ලබන රූපලාවන්‍යාගාර ආරම්භ විය.

මෙම තත්ත්වය ඉතා අවදානම් කටයුත්තක්වන බැවින් ඒ සම්බන්ධව අනෙකුත් වගකිව යුතු බලධාරීන් සමඟින් ද සාකච්ඡා කොට රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අදාළ ක්‍රියාදාමය ප්‍රමිතියකින් යුක්ත වූ වෘත්තීය මට්ටමට ගෙන ඒමේ ක්‍රියාවලියකට යොමු කිරීමේ සැලසුමක් සකස් කිරීමට නියමිත බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සඳහන් කළේය.


විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියට ද රූපලාවන්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නිරන්තර පැමිණිලි ලැබෙමින් පවතී.

එබැවින් යම් රූපලාවන්‍යාගාරයක සේවාවක් ලබා ගන්නේ නම් එහි නියැලෙන සේවකයින්ප්‍රමිතිය සහ භාවිතා කරන රූපලාවන්‍ය ද්‍රව්‍ය හා උපකරණ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කිරීම අතිශය වැදගත් බවට මහජනතාවට අවවාද කරනු ලබන බව වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා වැඩිදුරටත් කීය.



The Cosmetic Devices and Drugs Regulatory Authority (CDDRA) warns women who purchase items for facial makeup to exercise caution as substandard cosmetics roam the shelves of the retail outlets which are likely to be purchased by Salons doing facial makeup for women.
A female employee of the Mahaweli Authority who has suffered burns and disfiguration of the face after the ‘makeup’ done at a Kirulapone salon has already filed action in court against the Salon. It is reported that untrained women are mostly employed by those Salons to perform facial make up for clients.


Director of CDDRA, Dr. Hemantha Beneragama said his officers have already conducted islandwide raids and detected substandard cosmetics sold to consumers at retail outlets. ‘We have already prosecuted many of them’, he said.


Dr Beneragama said that investigating Salons and probing qualifications of employees of such places did not come under his purview but stressed the need to streamline the process to ensure that quality products and professionally trained people work in such places to prevent serious mishaps.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes