Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Tuesday, August 2, 2011

Take This Channel 4


චැනල් ෆෝ වීඩියෝවට පිළිතුරු වීඩියෝවක්

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට කරුණු දක්වමින් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ මාධ්‍ය ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාමය චිත්‍රපටයට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් නිල වීඩියෝ පටයක් එළිදක්වා තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ අනුදැනුම මත නිර්මාණය කරන ලද යුද්ධයේ අත්දැකීම් රැගත් මෙම වාර්තාමය චිත්‍රපටය අද(01) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වූ "මානුෂීය මෙහෙයුමේ සැබෑ විශ්ලේෂණය" වාර්තාවට සමගාමීව ඉදිරිපත් කර ඇත.

මානුෂීය මෙහෙයුමේ දී යුද, ගුවන් සහ නාවික හමුදා ඇතුළු සියලු ක්ෂේත්‍රවල අත්දැකීම් මෙහි අන්තර්ගතව ඇති අතර මෙම වාර්තාව සහ වීඩියෝ පටයේ පිටපත් කොළඹ පිහිටි විදෙස් තානාපති කාර්යාල වලට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්ට ද ලබාදීමට නියමිතය.




 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes