Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Sunday, January 29, 2012

I Don't Mind Even Marrying A Beggar Says Pooja Umashankar

ලංකාවේ නම් හිගන්නෙක් උනත් කමක් නෑ බදිනවා - පූජා උමාශංකර් කියාය්


During an interview with the Divaina newspaper the South Indian actress Pooja Umashankar who has featured in many famous films in Sri Lanka, told that she doesn't  even mind marrying a beggar as far as he is a Sri Lankan and underdstands her very well.


Further more she says that she will not marry a Actor and that her wedding will take place this year.



එය සිංහල බසින් :

දැන් බඳින්න කාලය ඇවිත්ලු. විවාහයට සුදුසු කෙනා හමුවුනාද?
හොඳ හොඳ යෝජනා ආවා. ඒ ඔක්කොම පිටරට අය. අප්පාගේ නෑයොත් ඒ අතර හිටියා. ඒ අය හදන්නේ බැඳලා පිටරට යන්න. කවදද එන්ගේජ් වෙන්නේ කියලා ඇහුවහම මම කිව්වා මම එන්නේ නෑ පිටරට යන්න කියලා.

ඔහු ලාංකිකයෙක් නම්?
ඉන්දියාවේ කෙනෙක් බැන්දොත් නම් රඟපාන්න දෙන එකක් නෑ. මම හරිම සතුටුයි ශ්‍රී ලංකාවේ කෙනෙකුට. ලංකාව මගේ ගෙදරනේ. මම බැංගලෝර්වල මගේ ගෙදරට යන්නේ ඒ ගේ ශුද්ධ කරලා එන්න විතරයි. මගේ පාස්පෝට් එක බලන්න, වැඩිපුරම ඇවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවට විතරයි.

ඔබේ සැමියා වෙන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?
එයා හිඟන්නෙක් වුනත් කමක් නෑ. ඔහු මාව හොඳින් තේරුම් ගත යුතුයි. ඕනෑවට වඩා නීති දාන්න බෑ. තේරුම් ගැනීම, විශ්වාසය සහ මා කෙරේ ගෞරවයක් ඔහුට තිබිය යුතුයි. එතකොට තමයි ආදරයක් උපදින්නේ. මම රඟපාන්න ආසයි. සැමියා කැමති වුනොත් රඟපානවා. ඒත් ඒ ඉඳලා හිටලා. බිරිඳක් වූ පසු සැමියාගේත්, දරුවන්ගේත් යුතුකම් වලට මුල් තැන දෙන්න ඕනේ. පවුල අංක එක.

ඔහු නලුවෙක් නම්?
නැහැ. මම නලුවන්ට කැමති නැහැ. නලුවන්ට වැඩ අධිකයි. ශූටිං කියලා මාස ගනන් පිටරට යයි. ගෙදර ඉන්න එකක් නැහැ. දෙන්නම රඟපනවා නම් හොඳයි. මට බෑ තනියම ඉන්න

විවාහය මේ අවුරුද්දෙ අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවද?
මේ අවුරුද්දෙ බඳින්න වෙනවා. අම්මා කියනවා මැයි මාසෙට පස්සේ හොඳ විවාහ යෝගයක් තියනවලු. බලමු කොහේ ඉඳලා එන කුස කෙනෙක්ද කියලා.

ඔබ නක්ශස්ත්‍රය කේන්දර විශ්වාස කරනවද?
නෑ. අම්මා නම් පිලිගන්නවා. පහුගිය දවස් වල සෙනසුරු මාරුවක් වුණලු. මගේ ඒරාෂ්ඨකය ඉවර වුනාලු. 2008 ඉඳලාම අම්මා කිව්වා හොඳ මංගල යෝග තිබුණා කියලා. ඒ දවස් වල මම බැන්ඳා නම් කුසපබා චිත්‍රපටයේ රඟපාන්න වෙන්නේ නැහැනේ.



0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes