Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Wednesday, July 27, 2011

Facebook Profiles Insulting Buddhism


බුදුදහමට නිගාවන ෆේස්බුක් වෙබ් පිටු


බුදු දහමට නිගාවන අයුරින් සකස් කර ඇති ෆේස්බුක් වෙබ් පිටු(Profile) සම්බන්ධ පැමිණිලි 08ක් මේවන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇතැයි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා පැවසීය.


නමුත් එයට ඍජුව සංසදයට මැදිහත් විය නොහැක්කේ නීතියෙන් මෙතෙක් එවැන්නක් නීති විරෝධී ලෙස හුවාදක්වා නොමැති බැවින් යැයි ඒ මහතා කීය. කෙසේ නමුත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ද මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයට පැමිණිලි කර ඇත.


රෝහණ පල්ලියගුරු මහතා ෆේස්බුක් පරිශීලකයන්ට දැනුම් දෙන ලද්දේ මෙවැනි ෆේස්බුක් වෙබ් පිටු(Profile) ඇත්නම් ෆේස්බුක් ඔස්සේම ෆේස්බුක් ආයතනයට පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවයි.

පැමිණිලි ලැබී ඇති ෆේස්බුක් වෙබ් පිටු(Profile)වල පින්තූර බුදු දහමට අගෞරව වන ආකාරයට එක් කර තිබෙන බවට ද හදුනාගෙන ඇත.

මේ අතර ෆේස්බුක් ආශ්‍රිතව සිදුවූ විවිධ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි 850ක් පමණ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට මේවන විට ලැබී ඇත.

කෙසේ නමුත් ජනතාව අන්තර් ජාලය ආරක්‍ෂාකාරීව පරිහරණය කරනු ලබන ක්‍රම සම්බන්ධයෙන් තරමක දැනුවත් භාවයකින් මේවන විට පසුවන බවද රෝහණ පල්ලියගුරු මහතා සඳහන් කළේය.

අන්තර්ජාලය තුල සිදුවන ඕනෑම වංචාකාරී සිදුවීමක් පිළිබදව ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදය වෙත දැනුම් දිය හැකි අතර දුරකථන අංකය 0112 691 692 හෝ විද්‍යුත් තැපෑල slcert@slcert.gov.lk ඔස්සේ අදාළ පැමිණිලි යොමු කළ හැකිය.




The Sri Lanka Computer Emergency Response Team (SLCERT) has received 08 complaints on facebook profiles that have reportedly denigrated Buddhism, SLCERT Senior Information Security Engineer, Rohana Palliyaguruge told Lankapuvath.
He noted that SLCERT cannot directly get involved in taking legal action against these types of offences are not yet defined as illegal and under the current legal framework. Therefore, they could not block such accounts. However, those complaints have been brought to the notice of the facebook administrator, he said.


Palliyaguruge noted that facebook users can report these types of facebook profiles through Facebook itself.


He further added that 850 complaints have been received concerning Facebook crimes.


Palliyaguruge requested all users of social networks and internet to report any cybercrime to SLCERT via calling 0112-691692 or by emailing to slcert@slcert.gov.lk.

1 comments:

Loku ayya said...

හැම එකාම මේවා රිපෝට් කරන්න ඕනේ..... :P

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes