Gossips LK : ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා .................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා.................................. ලංකාව වටෙ ඇහෙන පුංචි රස කතා

Sunday, July 31, 2011

Advices To Avoid AIDS For Sri Lankan Prostitutes

ගණිකාවන්ට ඒඞ්ස්වලින් වැළකීමට උපදෙස්


ගණිකා සේවයේ යෙදී සිටින 4,800 ක් එච්.අයි.වී/ඒඞ්ස් වෛරසයශරීර ගතවීමෙන් වැළකීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු යොදාඇතැයි වෛද්‍ය ලිලානි රාජපක්ෂ මහත්මිය කියයි.


ඇය මේ බව පැවසුවේල ඊයේ (29) කොළඹ පදනම් ආයතනයෙහිපැවැති ගෝලීය අරමුදලෙහි ආර්- 9 එච්. අයි වී ව්‍යාපෘතිය යටතේගණිකා සේවයේ යෙදෙන කාන්තාවන් පිළිබඳ ජාතික මට්ටමේවැඩසටහන අමතමිනි.
ගෝලීය අරමුදලෙහි ආධාර යටතේ ඉදිරි වසර පහක කාලය තුළදී මෙය සිදු කෙරෙන බවද ඇය මෙහිදීඅවදාරණය කළාය.. 

මෙරට ගණිකා සේවයේ යෙදෙන්නන් 40,000 ක් පමණ සිටින බවත් ඉන් බහුතරය සිටින්නේ කොළඹනගරයෙහි බවද ඇය මෙහිදී හෙලි කළාය.


වසරකට ගණිකා සේවයේ යෙදෙන්නන් 1,000 ක් පමණ ජාතික ලිංගාශ‍්‍රිත රෝග/ඒඞ්ස් මර්දනවැඩසටහනෙහි සායනයට පැමිණ තමන්ට එච්.අයිවී/ඒඞ්ස් වෛරසය ශරීරගත වී ඇත්දැයි පරීක්ෂා කරගන්නා බව වෛද්‍ය ලිලානි මහත්මිය පැවසුවාය.


එම වෛරසය ශරීරගත වූ ගණිකා සේවයේ යෙදෙන්නන්ට ගණිකා සේවයේ යෙදීම තහනම් කර ඇතිවෛද්‍ය රාජපක්ෂ මහත්මිය කීවාය.


වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, වෛද්‍ය ජීවීරසිංහනියෝජ්‍ය පොලිස්පති ගාමිණී දිසානායක, ප‍්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර යන මහත්වරුන්ද මෙහිදී දේශන කළහ.

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes