මාතලේ, උකුවෙල බල ප්‍රදේශයට අයත් ඇල්කඩුව අවටගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්වසිටියි. ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්‍රියේසැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්‍රියාකාරකම් බවගම්වාසීන් පවසයි.
මොහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගම්වාසීන් ඔහුභූතයෙකුට සමාන කරයි.
ගමේ වෙසෙන තරුණයින් එක්ව රාත්‍රිය පුරා මුර කටයුතුවල යෙදී සිටින බව ද සඳහන්ය.
මීට වසර 5 ට පමණ ඉහත දී ඇල්කඩුව ප්‍රදේශය සඳහා පොලිස් මුරපොලක් පැවතුණ ද එය ඉවත්කිරීමෙන් අනතුරුව එම ගම්මානවල ජනතාව මෙවැනි දුෂ්කරතාවලට පත්වන බවට ගම්වාසීන් චෝදනාකරයි.
තමන් වෙත පවතින අනාරක්ෂිතබවින් මුදවාගැනීම සඳහා ඇල්කඩුව ප්‍රදේශය සඳහා පොලිස් ස්ථානයක්ලබාදෙන ලෙස ද ගම්වාසීන් ඉල්ලීමක් කරයි.
0 comments:
Post a Comment