ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ.
ස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි.
මෙම තත්වය මත මෙහි මුදල් ආයෝජනය කළ තැනැත්තන් නැවත මුදල් ඉල්ලාසිටීමත් නිසාවෙන් අදාළ ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වී ඇත. ඵ් තත්වය මත ස්වර්ණවාහිනිය මිලියන 500 කට විකිණීමට තීරණය වී ඇති නමුත් කිසිවෙකු හෝ මේ දක්වා ලන්සු තැබීමට ඉදිරිපත් වී නොමැති බවද සඳහන්ය.
වෙළෙද දැන්වීම් වල උනන්දුව වර්ධනය නොවීමත් රජයේ නාලිකාවලට රාජ්‍ය ආයතනවල දැන්වීම් ලැබීමත් දිනෙන් දිනම අලුත් රෑපවාහිනී නාලිකාවන්ට බලපත්‍ර ලැබීමත් නිසාවෙන් බොහෝ පෞද්ගලික නාලිකාවන් පාඩු පිට පාඩු ලබමින් සිටින තත්වයක් මේ වන විට නිර්මාණය වී ඇත.
ඵච්.ඩී. ප්‍රේමරත්න, හේම නලීන් කරැණාරත්න යුගවල සාර්ථකව පවත්වාගෙන ගිය ස්වර්ණවාහිනී ආයතනය මෙසේ ලාභ නොලබන ආයතනක් බවට වර්තමානය වන විට පත්ව ඇත්තේ ස්වර්ණවාහිනියේ සංවර්ධනය වෙනුවෙන් ඉහළ කළමණාකරණය දක්වන්නා වූ අලසභාවය බව ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
The EAP Group is planning to sell Swarnavahini for Rs. 500 Million, although the offer is said to be too high.
It is been known from various sources that the company reached such a situation at present because of the lack of enthusiasm and experience of the management.
Some time ago, rumors made rounds that minister Basil Rajapaksa had bought Swarnavahini.
1 comments:
amma gahai oi.. :P
Post a Comment