රට වෙනුවෙන් රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව පිළිගැනීමටවත් කෙනෙක් නැතිලු.
පසුගියදා අවසන්වූ සිංගප්පුරු විවෘත මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් හිමිකරගත් ඊ. ඩබ්ලිව්. උපමාලි රත්නකුමාරි ක්‍රීඩිකාව මෙරටට පැමිණෙනවිට පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නිලධාරියෙකු ගුවන්තොටුපලට යැවීමට තරම්වත් උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ.
මවුබිම වෙනුවෙන් රන් පදක්කමක් දිනා දුන් මේ ක්‍රීඩිකාවට කටුනායක ගුවන් තොටුපලේ සිට පිටකොටුව බස් නැවතුම්පොලට පැමිණීමට සිදුව තිබුණේ ද එතැන් සිට ඇයගේ ගම් ප්‍රදේශය වූ දඹුල්ල දක්වා පැමිණීමට සිදුවූයේද සාමාන්‍ය මගී ප්‍රවාහන බස් රථවල තෙරපීගෙනය.
ඇය මීටර් 400 කාන්තා ධාවන තරඟ ඉසව්වෙන් මෙම රන්පදක්කම හිමිකරගෙන තිබිණි.
It is reported that none of the officials of the Ministry of Sports were interested in sending an official to the airport to welcome the athlete Ms E W Upamali Ratnakumari who won a gold medal at the open athlete competition held in Singapore recently.
The gold medalist had to arrive at the Pettah bus stand in public transport and also had to take a bus to her home town Dambulla from there onwards.
She had won the gold medal in 400 metre event for women.
0 comments:
Post a Comment